Skip to main content

Posts

මිනිසාට පය ගැසිය නොහැකි සහරාවේ ඇස

Recent posts

ලොවම වශී කරගත් “බ්ලැක් පැන්තර්”ගේ සැඟවුණු කතාව

ලොවම වශී කරගත් “බ්ලැක් පැන්තර්”ගේ සැඟවුණු කතාව 1966 වසර යනු ඇමරිකාව තුළ වර්ණභේදවාදයට එරෙහිව හඬක් නැගුණු සමයක්. කළු ජාතික ඇමරිකානුවන් දෙවන ගණයේ පුරවැසියන් (Second class citizens) ලෙස සැළකීමට එරෙහිව උද්ඝෝෂණයන්, සහ විවිධ ප්‍රතිපත්තිමය වෙනස්කිරීම් සිදු කරන ලෙස රජයට බල කිරීම් සිදු කෙරෙමින් තිබූ මේ සමයේ චිත්‍රකතා වලට කළු සුපිරි වීරයකු එක් කිරීම මගින් විශාල සමාජයීය සහ දේශපාලනමය පරිවර්තනයක් සිදු කෙරුණු බව “Super Black: American Pop Culture and Black Superheroes” නැමති කෘතියේ කර්තෘ අඩිලිෆු නාමා ප්‍රකාශ කරනවා. ජාතිවාදය බිඳ හෙලමින්, කළු ජාතිකයින් හට වෙනස් කොට සැළකීම තුරන් කිරීම පිණිස තරුණ පරපුරේ අදහස් යොමු කිරීම සඳහා එය එකල මහත් පිටිවහලක් වී තිබෙනවා. එපමණක් ද නොවෙයි, අධිරාජ්‍යවාදයෙන් සහ ජාතිවාදයෙන් කෙළෙසී නැති කළු ජාතිකයින්ගේ රාජ්‍යයක් කෙබඳු වනු ඇත්ද යන පණිවිඩය මුළු ලොවටම බෙදා දීමට වඛන්ඩා නැමති මනඃකල්පිත දේශය සමත් වන බවයි අඩිලිෆු නාමා ප්‍රකාශ කරන්නේ. වඛන්ඩා දේශය බොහෝ දුරට ඉතියෝපියාවට සමාන බවට ද මතයක් පැවතෙනවා. එපමණක් නොවෙයි, තවමත් අළු යට ගිනි මෙන් පවතින ඇමරිකාවේ වර්ණභේදවාදී අදහස් වලට පිළිතුරක් ලෙ...

ලංකාවේ තිබෙන ලන්දේසි බලකොටු 5ක්

ලංකාවේ තිබෙන ලන්දේසි බලකොටු 5ක් ක්‍රි.ව. 1505 වසරේ දී පෘතුගීසින් ලංකාවට සේන්දු වන විට කෝට්ටේ මෙරට බලවත්ම රාජධානිය බවට පත්ව තිබුණා. නමුත් 1521 වසරේ දී සිදු වුණු විජයබා කොල්ලයත් සමග කෝට්ටේ රාජධානිය කොටස් 3කට වෙන් වී ගියා. එහි දී 7 වැනි බුවනෙකබාහු රජුගේ පාලනයට නතු වුණු කෝට්ටේ රාජධානියෙහි අයිතිය පසු කලෙක පෘතුගීසීන්ට හිමිවුණේ දොන් ජුවන් ධර්මපාල රජතුමාගේ අදූරදර්ශී ක්‍රියා කලාපය නිසා යි. විජයබා කොල්ලයෙන් පසුව බිහිවුණු සීතාවක නම් රාජධානිය පාලනය කළේ මායාදුන්නේ රජතුමා යි. එම රජතුමා පෘතුගීසින් මෙරටින් පළවාහැරීම සඳහා ප්‍රබල සටනක් දියත් කළ අතර, ඔහුගේ මෙහෙයවීම යටතේ ටිකිරි කුමරු මෙහෙය වූ මුල්ලේරියාව සටනේ දී පෘතුගීසි සේනාවට අන්ත පරාජයක් අත් වුණා. මායාදුන්නේ රජුගේ මරණයෙන් පසුව සීතාවක රාජ්‍යත්වයට පත් වුණේ ටිකිරු කුමරු හෙවත් පළමු රාජසිංහ රජතුමා යි. මුල් යුගයේ දී පෘතුගීසින්ට එරෙහිව දක්ෂ ලෙස සටන් කළ එම රජතුමා අවස්ථාවන් දෙකක දී කොළඹ පෘතුගීසි කොටුව ආක්‍රමණය කළා. නමුත් රාජසිංහ රජතුමා පසු කලෙක ‘අරිට්ඨ කිවේණ්ඩු’ නම් දමිළ පූජකයා සමග එක්ව බුද්ධාගමට වින කළ නිසා සීතාවක රාජධානිය බිඳ වැටුණා. සීතාවක රාජධානිය බිඳ ව...

ශ්‍රී දළදා මාළිගාව

ශ්‍රී දළදා මාළිගාව යනු බුදුරජාණන් වහන්සේගේ වම් දන්තධාතූන් වහන්සේ වර්තමානයේ තැන්පත් කර ඇති දළදා මාළිගාවයි. වර්තමාන දළදා මාළිගාව ශ්‍රී ලංකාවේ මහනුවර නගරයේ පිහිටා ඇත. උඩරට රාජ්‍යය සමයේ (1592 සිට 1815) මෙය පිහිටා තිබුණේ එවකට පැවති රාජකීය මාලිගා සංකීර්ණය තුළමය. ශ්‍රී දළදා මාලිගාව මුල්වරට ගොඩනගනු ලැබුයේ පළමුවන විමලධර්මසූරිය (1592 - 1604) රජතුමා විසිනි. එතුමා ඉදිකළ ශ්‍රී දළදා මාලිගාව පෘතුගීසි ආක්‍රමණික‍යෝ විනාශ කළහ. දැනට දක්නට ලැබෙන පැරණි දෙමහල් වැඩසිටින මාලිගාව ඉදිකරනු ලැබ ඇත්තේ ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ (1707 - 1739) රජතුමාය. ඉන්පසු රජ පැමිණි නායක්කර් වංශික ද්‍රවිඩ රජවරු පවා ශ්‍රී දළදා මාලිගාව වැඩි දියුණු කොට ආරක්ෂා කළහ. දළදා මාලිගාව පිහිටා ඇති මහනුවර නගරයම යුනෙස්කෝව විසින් ලෝක උරුමයක් ලෙස නම් කර ඇත. දළදා වහන්සේ වැඩහිටි මන්දිරය, ධාතුඝරය, දළදාගේ, දළදා මන්දිරය, දළදා මාලිගය ආදී නම් වලින් හැඳින්වූ බව පෙනේ. අතීතයේ සිටම ජනතාවගේ පිලිගැනීම වූයේ රටේ රජතුමාට දන්ත ධාතූන් වහන්සේගේ සහ පාත්‍රා ධාතූන් වහන්සේගේ භාරකාරීත්ව හිමි විය යුතු බවය. මේ නිසා අතීතයේ රජවරු සිය දිවි හිමියෙන් දළදා වහන්සේ සහ පාත්‍ර...